සමරිසි පනතට එරෙහිව ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් දැඩි විරෝධයක් (ඡායාරූප)

මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ නොසලකා ඉතාමත් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතා පූර්ණය කර ගැනීමේ පටු පරමාර්ථ පෙරදැරි කරගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගිය දින පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි
පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන් ම සාරධර්ම පරිහානියට හේතු වන්නක් බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටිනවා.

විශේෂ ලිපියක් අද (24) දිනයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ජනපතිට යොමු කරන ලද අතර; එම ලිපියෙන් මෙම පනත දැඩි ලෙස හෙළා දැක ඇති බවයි වාර්තා වන්නේ.

බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ටතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයකට හේතු වන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප්‍රකාශ කරන ජනාධිපතිතුමන් මෙන් ම; දේශයේ සංස්කෘතික උරුමය හා සමාජ හර පද්ධතීන් පිළිබඳ
අවබෝධයෙන් කටයුතු කරන මහජන නියෝජිතයින් මෙම අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය පියවර ගනු ඇතැයි තමන් ඇතුළු මහා සංඝරත්නය අපේක්‍ෂා කරන බව ද එම ලිපියේ සඳහන්.

සමාජ පරිහානියට හේතු වන සදාචාර විරෝධි යෝජිත සමරිසි කෙටුම්පත සම්බන්ධයෙන් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරාධිපති වුණාට ජනතාව අපහසුතාවයට පත්කරන්න බෑ
02:44
Video thumbnail
යුරෝපා සංගමයෙන් ලංකාවට දුන් ඇස් උඩයන තෑග්ග
00:45
Video thumbnail
දඹුල්ල නිවසක මහ රෑම එකපාරටම සිදුවූ අත්භූත සිදුවීම.."පට පට ගාලා සද්දයක් ආවා - ඇවිල්ලා බලද්දි.."
03:23
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08


?