සමරිසි පනතට එරෙහිව ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් දැඩි විරෝධයක් (ඡායාරූප)

මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ නොසලකා ඉතාමත් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතා පූර්ණය කර ගැනීමේ පටු පරමාර්ථ පෙරදැරි කරගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගිය දින පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි
පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන් ම සාරධර්ම පරිහානියට හේතු වන්නක් බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටිනවා.

විශේෂ ලිපියක් අද (24) දිනයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ජනපතිට යොමු කරන ලද අතර; එම ලිපියෙන් මෙම පනත දැඩි ලෙස හෙළා දැක ඇති බවයි වාර්තා වන්නේ.

බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ටතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයකට හේතු වන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප්‍රකාශ කරන ජනාධිපතිතුමන් මෙන් ම; දේශයේ සංස්කෘතික උරුමය හා සමාජ හර පද්ධතීන් පිළිබඳ
අවබෝධයෙන් කටයුතු කරන මහජන නියෝජිතයින් මෙම අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය පියවර ගනු ඇතැයි තමන් ඇතුළු මහා සංඝරත්නය අපේක්‍ෂා කරන බව ද එම ලිපියේ සඳහන්.

සමාජ පරිහානියට හේතු වන සදාචාර විරෝධි යෝජිත සමරිසි කෙටුම්පත සම්බන්ධයෙන් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03