මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලයක් විසින් සුනඛයෙක් එල්ලා මැරීමට තීන්දුවක් නිකුත් කර ඇති බව තොරතුරු වාර්තා වනවා.
එළුවෙකු සපා කෑ සුනඛයෙක් මෙලෙස එල්ලා මැරීමට තීන්දු කර ඇති අතර, එම තීන්දුවට අනුව එම සුනඛයා එල්ලා මරා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය පසුගිය සෙනසුරාදා (25) සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එක් පවුලකට අයත් සුනඛයෙකු තවත් පවුලකට අයත් එළුවෙකු සපාකෑමෙන් පවුල් දෙක අතර ආරවුලක් ඇතිව තිබෙනවා.
පසුව එම ආරවුල සමථ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී මැදිහත්කරුවන් තිදෙනෙකු බල්ලා එල්ලා මැරීමට තීරණය තිබෙනවා.
එම තීරණය අනුව සුනඛයාගේ හිමිකරුවන් විසින් සුනඛයාව එළුවන් හිමිකරු වෙත භාර දී ඇති අතර, එහිදී එළුවන් හිමි කාන්තාව විසින් සුනඛයා එල්ලා මරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාන්කුලම පොලිසිය සුනඛයා මරා දැමූ බව කියන සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (27) අලුයම අත්අඩංගුවට ගැනුණු සැකකාරිය මාන්කුලම මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.