සමථ මණ්ඩලේ දුන් තීන්දුවට සුනඛයෙක් එල්ලා මරලා – කාන්තාවක් අත්අඩංගුවට

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම සමථ මණ්ඩලයක් විසින් සුනඛයෙක් එල්ලා මැරීමට තීන්දුවක් නිකුත් කර ඇති බව තොරතුරු වාර්තා වනවා.

එළුවෙකු සපා කෑ සුනඛයෙක් මෙලෙස එල්ලා මැරීමට තීන්දු කර ඇති අතර, එම තීන්දුවට අනුව එම සත්වයා එල්ලා මරා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය පසුගිය සෙනසුරාදා (25) සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එක් පවුලකට අයත් සුනඛයෙකු තවත් පවුලකට අයත් එළුවෙකු සපාකෑමෙන් පවුල් දෙක අතර ආරවුලක් ඇතිව තිබෙනවා.

පසුව එම ආරවුල සමථ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී මැදිහත්කරුවන් තිදෙනෙකු සුනඛයා එල්ලා මැරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය අනුව සුනඛයාගේ හිමිකරුවන් විසින් සුනඛයාව එළුවන් හිමිකරු වෙත භාර දී ඇති අතර, එහිදී එළුවන් හිමි කාන්තාව විසින් සුනඛයා එල්ලා මරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාන්කුලම පොලිසිය සුනඛයා මරා දැමූ බව කියන සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (27) අලුයම අත්අඩංගුවට ගැනුණු සැකකාරිය මාන්කුලම මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි චෛත්‍යකුලම් ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42