සමගි ජන බලවේග අපේක්ෂකයෙකු ගොනු කළ රිට් පෙත්සමක් ඉවතට

පළාත් පාලන මැතිවරණයේ දී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරග කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස සහ කැස්බෑව ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ගොනු කොට තිබූ රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

‘පෙත්සම් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට හෝ පෙත්සම් මගින් ඉල්ලා සිටින සහන දීමට පදනමක් නොමැති’ යන පදනම මත පෙත්සම් ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීරණය කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා, සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලුණා.

සමගි ජන බලවේගය පක්‍ෂයෙන් කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු වන එම්.ටී. රත්නසිරි ප්‍රනාන්දු මහතා ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වී සිටින එස්. කේ.එල්. විලේකා ද අල්විස් ඇතුළු ජාතික ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබූ බවයි අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

දීර්ඝ කාලයක් කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටින තමන් මහජන සුබ සිද්ධිය සඳහා මෙම පෙත්සම ඉදිරිපත් කරන බව පෙත්සම්කරු සඳහන් කරනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට ජාතික ජන බලවේගය පක්‍ෂය විසින් කැස්බෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරිනියක ලෙස 2024 ජුනි මාසයේ සිට 2025 මාර්තු මාසය තෙක් සේවය කළ එස්.කේ.එල්. විලේකා ද අල්විස් නමැත්තියගේ නම, නාම යෝජනා පත්‍රයේ ඇතුලත් කර ඇතැයි සඳහන කරන පෙත්සම්කරු මැතිවරණ නීතිය අනුව මැතිවරණය පැවැත්වීමට පෙර වසරක කාලයක් තුළ අදාළ ප්‍රාදේශීය සභාවේ සේවය කළ අයෙකු එම ප්‍රාදේශීය සභාවේ සභික තනතුරක් සඳහා තරග වැදීමට නුසුදුසු බව සඳහන් කර ඇතැයි ද පෙන්වා දී තිබෙනවා.

එබැවින් ඇගේ නම අදාළ නාම යෝජනා පත්‍රයේ ඇතුලත් වීම නීතිවිරෝධී වන අතර ඒ හේතුවෙන් කාන්තා නියෝජනය සම්පූර්ණ නොවන බව ද ඒ අනුව අදාළ නාම යෝජනා පත්‍රය නීති විරෝධී බව ද කියා සිටින පෙත්සම්කරු ඒ අනුව අදාළ නාම යෝජනා පත්‍රයේ නම සඳහන් අපේක්ෂකයන්ට ඉදිරි මැතිවරණයේ දී කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට ඉදිරිපත් වීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

පෙත්සම් කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව ද පෙත්සම් මගින් අභියෝගයට ලක් කර ඇති අපේක්ෂිකාව මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එය මැතිවරණ පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ යුතු බව ද දැනුම් දුන්නා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මැතිවරණ නීතිය අනුව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති නාම යෝජනා පත්‍රයේ කාන්තා නියෝජනය සම්පූර්ණ නොවන අවස්ථාවක එම නාමයෝජනා පත්‍රය නුසුදුසු වන බවත් මැතිවරණ නීතිය අනුව මැතිවරණය පැවැත්වෙන දිනයට පෙර වසරක කාලය තුළ අදාළ ප්‍රාදේශීය සභාවේ සේවය කර ඇති අයකුට එම සභාවේ සභිකයකු ලෙස තරග කිරීමට ඉදිරිපත් විය නොහැකි බවත් පැවසුවා.

කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය සම්බන්ධයේ නම සඳහන් අපේක්ෂිකාවක් එම ප්‍රාදේශීය සභාවේ සේවය කර ඇති අතර ඇය තරග කිරීමට නුසුදුසු වන බවත් එවැනි අවස්ථාවක අදාළ නාම යෝජනා පත්‍රයම ප්‍රතික්ෂේප කළ යුතු බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා තත්වය එසේ තිබියදී අදාළ නාම යෝජනා පත්‍රය භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව මෙම පෙත්සම් ගොනු කළේ යැයි සඳහන් කළා.

ඒ අවස්ථාවේදී ප්‍රශ්නය්ක් මතු කළ විනිසුරු මඩුල්ල නාම යෝජනා පත්‍රය බාර දුන් අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කළේ දැයි විමසුවා.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා තමන් විරෝධතා ඉදිරිපත් කළත් තේරීම් භාර නිලධාරීවරයා කිසිවක් නොකළ නිසා පෙත්සම ඉදිරිපත් කළේ යැයි කීවා.

ඒ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ තේරීම්භාර නිලධාරීවරයාගේ අමාත්‍යමය කාර්යභාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව පැමිණිලි කළ නොහැකි බවයි.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පෙන්වා දුන්නේ යම් අපේක්ෂකයකු යම්කිසි කරුණක් මත තරග කිරීමට නුසුදුසු වන්නේනම් මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඡන්ද පෙත්සමක් මඟින් එය අභියෝගයට ලක් කළ හැකි බවයි.

විනිසුරු ජනක් ද සිල්වා මහතා එහිදී පෙන්වා දුන්නේ මැතිවරණ නීතිය අනුව යම් අපේක්ෂකයකු තේරී පත් වීමට නුසුදුසු නම් එය ඡන්ද පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ යුතු බව නඩු තීන්දු සහ නීතිමය විධිවිධාන ඇති බව සඳහන් කළා.

ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මැතිවරණ නීතිය අනුව කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම බව පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විහාගට නොගෙනම ප්‍රතික්ෂේප කළා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා මහතා පෙනී සිටියා.

ජාතික ජන බලවේගය අපේක්‍ෂකයා වෙනුවෙන් පජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා සහ නීතීඥ චාමර නානායක්කාරවසම් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34