සමගි ජන බලවේගයේ නව නිලධාරී මණ්ඩලය

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) රැස්ව ඇති අතර, එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුකර තිබේ.

පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා දරන අතර, මහලේකම් ධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිව ඇත.

පක්ෂ සභාපතීත්ව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිව තිබේ.

තිස්ස අත්තනායක මහතා ජාතික සංවිධායකවරයා ලෙස පත්කර ඇත.

සමගි ජනබලවේගය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු පත්කර තිබේ.

ඒ ලක්ෂන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, රවින්ද්‍ර සමරවීර, රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන අයයි.

නව නිලධාරී මණ්ඩලයට උප සභාපතිවරු 8 දෙනෙකු තෝරා පත් කර තිබේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා භාණ්ඩාගාරික තනතුරට පත්කර ඇත.

පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස නිරෝෂන් පෙරේරා ද විධායක නිලධාරිවරයා ලෙස අජිත් පී පෙරේරා ද පත්කර ඇත.

ෆර්හාන් කාසිම් සහ තිසත් විජයගුණවර්ධන නීති ලේකම්වරුන් ලෙසත් නියෝජ්‍ය ලේකම් තනතුරු 4ක් ද පත්කර තිබේ.

බුද්ධික, රංජිත් අලුවිහාරේ, ජේ.සී අලවතුවල යන මහත්වරුන් පතකර තිබෙන්නේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් ලෙසය.

ඒ අනුව නව නිලධාරී මණ්ඩලයට පුද්ගලයින් 31 දෙනෙකු පත්කර තිබේ.

කෙසේවෙතත් පාඨලී චම්පික රණවක මහතාට එම නිලධාරී මණ්ඩලයේ කිසිදු තනතුරක් හිමි ව නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?