සමගි ජන බලවේගයේ නව නිලධාරී මණ්ඩලය

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) රැස්ව ඇති අතර, එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුකර තිබේ.

පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා දරන අතර, මහලේකම් ධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිව ඇත.

පක්ෂ සභාපතීත්ව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිව තිබේ.

තිස්ස අත්තනායක මහතා ජාතික සංවිධායකවරයා ලෙස පත්කර ඇත.

සමගි ජනබලවේගය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු පත්කර තිබේ.

ඒ ලක්ෂන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, රවින්ද්‍ර සමරවීර, රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන අයයි.

නව නිලධාරී මණ්ඩලයට උප සභාපතිවරු 8 දෙනෙකු තෝරා පත් කර තිබේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා භාණ්ඩාගාරික තනතුරට පත්කර ඇත.

පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස නිරෝෂන් පෙරේරා ද විධායක නිලධාරිවරයා ලෙස අජිත් පී පෙරේරා ද පත්කර ඇත.

ෆර්හාන් කාසිම් සහ තිසත් විජයගුණවර්ධන නීති ලේකම්වරුන් ලෙසත් නියෝජ්‍ය ලේකම් තනතුරු 4ක් ද පත්කර තිබේ.

බුද්ධික, රංජිත් අලුවිහාරේ, ජේ.සී අලවතුවල යන මහත්වරුන් පතකර තිබෙන්නේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් ලෙසය.

ඒ අනුව නව නිලධාරී මණ්ඩලයට පුද්ගලයින් 31 දෙනෙකු පත්කර තිබේ.

කෙසේවෙතත් පාඨලී චම්පික රණවක මහතාට එම නිලධාරී මණ්ඩලයේ කිසිදු තනතුරක් හිමි ව නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57