සබරගමුව සිසුවාට විශාදය නෑ – ජීවිතක්ෂයට පත් ව ඇත්තේ නවකවදයෙන්

සබරගමුව සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුවෙකු සිය නිවසේ දී සියදිවි නසා ගැනීමට හේතුව නවකවදයට ලක් වීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

එම සිසුවා විශාදය රෝගී තත්ත්වයෙන් පීඩා විඳ නොමැති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ.

සරසවි පාලනාධිකාරිය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නවකවද සිදුවීම් පිටතට අනාවරණය වීමට ඉඩ දී නොමැති බව ද හෙළි ව තිබෙනවා.

පසුගියදා නිවසේ කුකුල් කොරටුවක දී සියදිවි නසා ගැනීමට ලක් වූ චරිත් දිල්ෂාන් නමැති සිසුවාට සිදුවීම සිදුවීමට පෙර දින රාත්‍රිය පුරා ම නවකවදය ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර පෙරේදා (18) දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නවකවද සිදුවීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කෙරුණා.

සිද්ධියට අත් අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි බලංගොඩ අධිකරණය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?