සබරගමුව සිසුවාට විශාදය නෑ – ජීවිතක්ෂයට පත් ව ඇත්තේ නවකවදයෙන්

සබරගමුව සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුවෙකු සිය නිවසේ දී සියදිවි නසා ගැනීමට හේතුව නවකවදයට ලක් වීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

එම සිසුවා විශාදය රෝගී තත්ත්වයෙන් පීඩා විඳ නොමැති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ.

සරසවි පාලනාධිකාරිය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නවකවද සිදුවීම් පිටතට අනාවරණය වීමට ඉඩ දී නොමැති බව ද හෙළි ව තිබෙනවා.

පසුගියදා නිවසේ කුකුල් කොරටුවක දී සියදිවි නසා ගැනීමට ලක් වූ චරිත් දිල්ෂාන් නමැති සිසුවාට සිදුවීම සිදුවීමට පෙර දින රාත්‍රිය පුරා ම නවකවදය ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර පෙරේදා (18) දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නවකවද සිදුවීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කෙරුණා.

සිද්ධියට අත් අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි බලංගොඩ අධිකරණය නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38