සබරගමුවේ නවකවද සිද්ධියට ඇල්ලූ ජ්‍යේෂ්ඨ සිසුන් 11 තවදුරටත් සිපිරිගෙට

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චරිත් දිල්ෂාන් නමැති සිසුවා සියදිවි නසාගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වූ නවකවද සිදුවීමක් මුල් කරගෙන බවට වූ චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර ජ්‍යේෂ්ඨ සිසුන් 11 දෙනා තවදුරටත් සිරගත කරන ලෙසට අද (26) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුවන් මාස දෙකකට ආසන්න කාලයක් මේ වනවිට සිරගත කර සිටින බවත් ඔවුන්ව ජූලි මස 03 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණ විනිසුරු භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළ බවයි.

මෙම සිද්ධියට සැකපිට සිසුන් 10 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවස්ථා 04ක දී අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, තවත් සිසුවෙකු පසුව අධිකරණයට භාර වුණා.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම්දුන්නේ සැකකරුවන් නවකවද පනත උල්ලංඝනය කර ඇති බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුවන් හට ඇප ලබා නොදිය යුතු බවයි.

ඒ අනුව සියලු කරුණු සලකා බලා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර ජ්‍යේෂ්ඨ සිසුන් 11 දෙනා යළිත් සිරගත කරන ලෙසට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
0
+1
7
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?