spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සපුගස්කන්ද සදහා බාල වර්ගයේ බොරතෙල් ගෙන්වීම නිසා ලැබු පාඩුව ගැන හෙළිදරව්වක්

සපුගස්කන්ද සදහා බාල වර්ගයේ බොරතෙල් ගෙන්වීම හේතුවෙන් මාස හයකදී රටට සිදුව තිබෙන සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් ඉක්මවා ඇතැයි තෙල් එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසුවා.

ඒ සඳහා සරිලන වර්ගයේ බොරතෙල් නොගෙන කොරල් එනර්ජි සමාගමෙන් ලබාගත් ප්‍රමිතියේ තොර බොරතෙල් හේතුවෙන් මෙලෙස පාඩු ලබා ඇතැයි ඔහු පවසනවා.

මෙරටට බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන වර්ග ඇණවුම් කර ඒවා ගොඩබෑමට පෙර සාම්පල් පරීක්‍ෂණයට ලක් කරන මුත් අදාළ කටයුතු භාර තාක්‍ෂණික ඇගයීම් කමිටුව නිසි ලෙස එම කටයුතු සිදුනොකිරීම නිසා ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙලෙස හිමි වී ඇති බව හෙතෙම පවසනවා.

මෙම බොරතෙල් වර්ගය (ඌරල් සහ එක්ස්පෝ) පිරිපහදු කිරීමේදී වැඩි වශයෙන් දැවිතෙල් නිෂ්පාදනය වී ඇති අතර භූමිතෙල් නිෂ්පාදනයද විශාල ලෙස අඩුවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?