සපුගස්කන්ද පිරිපහදුව වැඩ යළි ඇරඹෙයි

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි.මර්බර්න් නමැති ආනයනික බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පසුගිය දා සේන්දු වූ අතර ඒවා සපුගස්කන්ද පිරිපහදු සංකීර්ණය වෙත ගොඩ බෑමේ කටයුතු සිදු කෙරුණු බව යි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.

එමෙන්ම, තවත් මෙටි්‍රක් ටොන් 90,000ක බොරතෙල් තොගයක් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.

යළිත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පූර්ණ ධාරිතාවයෙන් යුතු ව පිරිපහදු නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා