සඳුදා ජනතාවට ඇත්ත කියන්න සැරසෙන රනිල්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(13) නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අඛණ්ඩ වැඩ සතියක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ලබන සඳුදා (16) ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට නියමිතයි

පටන් ගන්නට පෙර ජනතාවට ඇත්ත කියා පටන් ගැනීම සුදුසු බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
148
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?