සනත් නිශාන්තට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනු කෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා කරමින් ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනු කර තිබෙන පැමිණිලි තුනත් අද කැඳවූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට එම දැනුම්දීම සිදු කළේ.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩු කරයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය වෙතින් වීඩියෝ පටයක් කැදවා තිබුණද එම වීඩියෝ පටය මෙතෙක් ලැබී නොමැති බවයි.

මෙම නඩුකරයට පාදක වන වගඋත්තරකාර සනත් නිශාන්ත අදාළ ප්‍රකාශය සිදු කළ බවට පිළිගැනීමක් නොකරන්නේ නම් ඔහු සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීමට සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ෆයිස් මුස්තාපා, සහ ෆයිසර් මුස්තාපා යන ජනාධිපති නීතිඥවරු විරෝධය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් දැනට පැමිණිල්ල භාරයේ පවතින විවිධ මාධ්‍ය ආයතනවලින් කැඳවූ වීඩියෝ පට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙසටයි අධිකරණය විසින් රජයේ නීතිඥවරියට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා අදාළ පැමිණිල්ල නැවත මාර්තු මස 28 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

පසුගිය වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පැමිණිලි අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?