සනත් ජයසූරියගෙන් විශේෂ ඉල්ලීමක්

ක්‍රීඩකයෙකුට කිසිදු අවස්ථාවක් හෝ තත්ත්වයක් පහසුවෙන් නොලැබෙන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පිතිකරු සනත් ජයසූරිය පවසයි.

එසේම කුමන තත්ත්වයක් මත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර නොදමන ලෙසද ඔහු එහිදී නවක ක්‍රීඩකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පිතිකරු සනත් ජයසූරිය,

“ලෙජන්ඩ්ස් තරගාවලිය තියෙනවා ඕමානයේ. මම හිතුව ට්‍රේන් කරන්න ඕන ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. මොකද ඒවගේ තැනකට ගියාම එතන තරගය ගොඩක් ලොකුයි. මොකද අර පරණ ක්‍රිකටර්ස් ලා වුණත් ගියපාර, අපට එතැනට ගියාම තමයි තේරුණේ, මේ තරම් තරගයක් තියෙනවා ද කියලා. මේ පාරත් එහෙමයි. ඒ හින්දා මම කිව්වා තව පොඩ්ඩක් ට්‍රේන් කරලා ෆිට් එකේ යන්න ඕන, අපට ගොඩක් අමාරු වෙන්නේ කකුල්වල. මගේ දණහිසෙන් බාගයක් දාලා තියෙන්නේ. හැබැයි ඉතින් එතනට ගියාම ඒවා මතක් වෙන්නේ නෑ. අපට ඕනකම තියෙනවා, මට වුවමනාවක් තියෙනවා මේක කරන්න ඕන කියල. අර ඒකයි මම හැමතිස්සෙම කියන්නේ තමන්ට වුවමනාව තියෙන්න ඕන, අවශ්‍යතාව තියෙන්න ඕන. තමන් රටට ආදරයෙන් මම මේක කරනවා, දැන් ආදරේ හින්දනේ භානුකට කියන්නේ “යන්න එපා කියලා.” අන්න ඒක තමයි මම ආස දකින්න.”

“කිසිම ක්‍රීඩකයෙකුට හැමදෙයක්ම පිඟානක තියලා අතට දීල නෑ. මේ ක්‍රීඩාවේ ක්‍රීඩා කරනකොට දුක කියන එකට, මානසිකව වැටෙන දේවල්වලට සමහරක් දේවල් අපිට ලැබෙන්නේ නැති දේවල් ගොඩාක් වැඩියි. ඒකත් එක්ක තමයි තමන්ගේ ඔළුව හදාගෙන ගහන්න ඕන. මම දවස අවසානයේ හිතන්නේ මම මොනවා කරත් මම මේක අතහැරලා යන්නේ නෑ, මම ගහනවා මගේ රට වෙනුවෙන් මම කාලයක් සෙල්ලම් කරොත් හොඳට මගේ ඉන්න ප්‍රේක්ෂකයෝ මගේ ඉන්න රටේ ජනතාව. මාව ආදරයෙන් වැළඳ ගනීවී. මම කොහේ ගියත් අන්න ඒක හිතනවා. මේ ක්‍රීඩකයන්ට ගොඩක් කෙණෙහිලිකම් වෙලා ඇති. අසාධාරණකම් වෙලා ඇති, තමන්ට දුක හිතෙන දේවල් වෙලා ඇති, තමන්ට ක්‍රීඩාව එපා වෙන දේවල් වෙලා ඇති. අවුරුදු 10 ක් 15ක් ගහනකොට එහෙම වෙනවා. හැබැයි ඒ හැමදෙයක්ම තමන්ගේ එක අත්දැකීමක් කියල හිතලා තමන් යන්න ඕනේ තමන්ගේ ගෝල් එකට. ලකුණු 10,000 ද ? එක්දින කඩුලු කීයද. ? ටෙස්ට් කඩුලු කීයද ? තමන්ට ඒක කරන්න ඕන ද. ? තමන්ට රට වෙනුවෙන් කොච්චර තරග ජයග්‍රහණය කරලා දෙන්න පුළුවන්ද අන්න ඒවා තමයි හිතන්න ඕන.” 

“ලෝකේ ඉන්න අනිත් රටවල් දන්නවා මේ ප්ලේයර් මැච් විනින් ප්ලේයර් කෙනෙක් කියලා. එතැනට යන්න ගොඩක් අමාරුයි. හරි ඉක්මනට අපිට කඩාගෙන වැටෙන්න පුළුවන්. හපෝ වැඩක් නෑ මම අරහේ යන්න පුළුවන් මට මේ රටට යන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි වැඩේ. අමාරුයි හැබැයි ඒ අමාරුකම් එක්ක අපි යන්න ඕන. අපේ රටවල්වල හැම දෙයක්ම ලේසියෙන් හම්බවෙන්නේ නෑ. ගොඩාක් අමාරුවෙන් තමයි දේවල් හම්බවෙන්නේ. අපි මාතර ඉඳල කොළඹ ඇවිල්ලා ඉන්න තැනක්වත් නැතුව තමයි අපි ක්‍රිකට් ගැහුවේ. හැබැයි දැන් එහෙම නෙවෙයි. තමන් හිතුවොත් තමන් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියල එච්චරයි. “

“අවුරුදු 20ක් රිටයර් වෙලත් පාරේ දැක්කොත් ඒ ප්‍රේක්ෂකයෝ ඒ විදියටම සලකනවා. අන්න ඒක තමයි තියෙන්න ඕන. මොකද ඒ අපි රට වෙනුවෙන් කරපු දේට. මොන ප්‍රශ්න තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් දාලා යන්න එපා. ගහන්න ලංකාවට ක්‍රිකට්. ලංකාවට ක්‍රිකට් ගැහුවොත් කවදාවත් වරදින්නේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15