මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අම්බකාමම් ගම්මානයට ඊයේ (27) කඩා වැදුනු වන අලි රංචුවක් විසින් පොල් ගස් විනාශ කොට ඇතැයි ගම්වාසීන් ප්‍රකාශ කරයි.
අම්බකාමම් ගම්මානයට එකවරම වනඅලි රංචුවක් කඩා වැදීමත් සමග ගම්වාසීන් ආරක්ෂිත ස්ථාන වෙතට දිව ගොස් ඇති අතර පසුව වන අලි රංචුව විසින් පොල් ගස් විශාල ප්‍රමාණයකට හානි කොට බිම හෙලා සම්පූරණයෙන්ම විනාශ කොට පලා ගොස් ඇත.
වනඅලින් විසින් පොල් ගස් බිම හෙලීම හේතුවෙන් පොල් ගෙඩි විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇති අතරම මේ හේතුවෙන් ගෙවතු හිමිකරුවන් දැඩි සේ අසරණව සිටිති.
වනඅලින් ගම්වැදීම හේතුවෙන් පොල් වගාවන් මෙන්ම ගොවිතැන් කටයුතු වලටද දැඩි බාධාවක් හේතුවෙන් වන අලි ගම්වැදීම වහාම නවතා දෙන ලෙසටද ප්‍රදේශවාසී ජනතාව විසින් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.




