සද්ද දැමූ අර්චුනා මීක් නැතිව අධිකරණය හමුවේ පෙනී සිටියි

දැඩි ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතා අද (22) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් මෝසමක් හරහා ඔහු අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නඩුව අද දහවල් 12න් පසුව කැඳවීමට නියමිතයි.

පසුගියදා (20) රාත්‍රියේ දී මන්ත්‍රී අර්චුනා යාපනයේ සිට කොළඹ දක්වා සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී අනවශ්‍ය ලෙස සවිකර තිබූ යැයි පැවසෙන VIP විදුලි ආලෝක හේතුවෙන් සහ රථ වාහන ධාවන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත රඹෑව පොලිස් වසමේ දී රථවාහන පොලිසියෙන් නවත්තනු ලැබුවා.

එහිදී ඔහුගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍ර ඉල්ලා සිටි අවස්ථාවේ දී අර්චුනා දැඩි කලහකාරී ලෙස හැසිරෙමින් සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත් තමන් ළඟ හැඳුනුම්පතක් නොමැති බවත් ඇත්තේ තාවකාලිකව ලබා දුන් පාර්ලිමේන්තු අනන්‍යතා පත්‍රය පමණක් බවයි.

මෙම සංවාදය හේතුවෙන් පොලිසිය සහ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වන අතර මන්ත්‍රීවරයා විසින් රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදීමක් ද සිදු කරනවා.

මෙම සිදුවීමට අදාළ ව රඹෑව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරයා අද දිනයේදී මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
1
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?