උත්සව සමය නිමිත්තෙන් අද සිට සතොස අලෙවිසැල් හරහා සහල් කිලෝවක් රුපියල් 100 ට අඩුවෙන් පාරිභෝගික ජනතාවට ලබාදීමේ වැඩපිලිවෙලක් වෙළඳ අමාත්‍යංශය ආරම්භ කර තිබෙනවා.
තවත් භාණ්ඩ වර්ග 50 ක් ද වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට අද සිට සතොස අළෙවිසැල් හරහා ලබාගත හැකි බවයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
නාඩු කිලෝවක් රුපියල් 99.50කට ද , සම්බා කිලෝවක් රුපියල් 130.00කට ද මිලදී ගැනීමට හැකි බව ඔහු මෙහි දී කියා සිටියා.
ඕනෑම සහල් වර්ගයක් කිලෝ 5 බැගින් ලබා ගන්න හැකියාව ඇති බව වැඩි දුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




