සති දෙකෙන් ගෑස් හිඟය අවසන් කරන්න පුළුවන් – ලාෆ්ස් සමාගම කියයි

ගෑස් බෙදාහැරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින බවත් නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දෙන්නේ නම් සති දෙකක් තුළ ශ්‍රී ලංකාවටම ගෑස් සැපයිය හැකි බවත් ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය අද ප්‍රකාශ කර සිටියා.

මීට පෙර දෛනිකව ගෑස් සිලින්ඩර 40,000 ක් 50,000ක් නිකුත් කළ ද අධිකරණයේ, ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික අධිකාරියේ නිර්දේශ අනුව ගෑස් පිරවීමේදී සහ බෙදාහැරීමේදී යම් ප්‍රමාදයක් සිදුවන බවත් මේ වන විට දෛනිකව සිලින්ඩර 10,000 ක් 15,000 ක් බෙදා හරින බවයි ඔහු සඳහන් කළේ.

ලාෆ් ගෑස් සිලින්ඩර එකතු කර නිල්පාට වර්ණයට හරවමින් සිටින සංවිධානාත්මක පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරු පොලිස්පතිවරයාට ලබාදුන් බව පැවසූ සභාපතිවරයා ඒ පිළිබඳව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා දැනුවත් කළද ඔහු ඒ ගැන සැළකිල්ලක් නොදක්වන බව ද සඳහන් කළේ.

ගෑස් මිලදී ගැනීමේදී ජනතාව මුහුණදී සිටින දුෂ්කර තත්වය ගැන මීට ඉහතදීම බලධාරීන්ට පවසා සිටිය ද ලෝක වෙළෙඳපොලේ මිල ගණන් ඉහළ යන විට දේශීය මිල ගණන්ද මිල සූත්‍රයට අනුව ඉහළ දැමීමට ඉඩ දෙන ලෙස පසුගිය වසරේ මාර්තු මස සිට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියද එයට අවස්ථාවක් නොලැබුණු බවත් වසර එකහමාරකට පමණ පසුව මිල වැඩිකරන විට සමාගම්වල පිරිවැය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබූ බව ද සභාපතිවරයා කියා සිටියේ.

ප්‍රෝපේන් සහ බියුටේන් වෙන වෙනම ගෙන්වා නිසි සංයුතියට රට තුළ ගෑස් සැකසිය ලාෆ් ගෑස් සිදුකරන බවත් ශ්‍රී ලංකාවේ ගෑස් අර්බුදයට හේතුව එම සැපයුම්කරුවන්ගේ ඒකාධිකාරය මත වසර දෙකක ගෑස් සැපයුම ලබාගැනීම වෙනුවෙන් කළ මෙහෙයුමක අතුරුපලයක් බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?