සති තුනකට පැමිණි සංචාරකයන්ගෙන් කෝටි 42ක ආදායමක්

ගතවූ සති තුනක කාලයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙරටට පැමිණි එක්දහස් පන්සියකට අධික සංචාරකයන්ගෙන් ඇමරිකානු ඩොලර් විසිදෙලක්ෂ පනස් දහසකට වැඩි ආදායමක් ලැබී තිබේ.

පසුගිය සිකුරාදා වන විට (15 වැනිදා) ගුවන් යානා නවයකින් යුක්රේන සංචාරකයන් එක්දහස් පන්සියකට වැඩි ප්‍රමාණයක් මෙටට පැමිණ තිබේ. එසේ පැමිණි සංචාරකයන්ගෙන් කොටසක් මේ වන විට ආපසු ගොස් ඇති අතර එම සංචාරකයන් අඩුම වශයෙන් දින දහයකට වැඩි කාලයක් මෙරට රැඳී ඇත. ඔවුන් හෝටල් කාමරයකට දිනකට ඇමරිකන් ඩොලර් 125-150ත් අතර මුදලක් වියදම් කර තිබේ. ඊට අමතර ඔවුන් එළියට ගොස් වෙනත් ස්ථානවල සංචාරය කිරීම් හා භාණ්ඩ මිලදී ගැනීමේ දී අඩුම තරමේ ඩොලර් සියකට වඩා වැඩියෙන් වියදම් කළ බව එම නියමු ව්‍යාපෘතිය භාර උදයංග වීරතුංග පැවසීය.

ඒ අනුව එම සංචාරකයන්ගෙන් ලැබුණු මුදල ලංකා මුදලින් රුපියල් කෝටි 42කට වැඩි බවද හෙතෙම සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24