සතිපොළ භූමියක රැය පහන් කළ අඹුසැමි යුවළකට පහරදී මුදල් කොල්ල කළා

අඹුසැමි යුවළකට පහරදී ඔවුන් සන්තකයේ තිබූ රුපියල් විසිපන්දහසක මුදලක් කොල්ල කෑ පුද්ගලයෙකු පසුගිය දා (01) හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගත් බවයි.

පහරකෑමට ලක්වූ අඹුසැමි යුවළ පසුගිය 30 වනදා පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු හොරොව්පතාන නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඉකුත් 30 වනදා රාත්‍රියේ හොරොව්පතාන සතිපොළ භූමියේ දී මෙම සිද්ධිය සිද්ධිය සිදුව ඇති අතර, පහරකෑමට ලක්ව ඇත්තේ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 21 හැවිරිදි බිරිඳ බව සඳහන්.

පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ වෙළදාම් කිරීම සඳහා හොරොව්පතාන ප්‍රදේශයට පැමිණ එදින රාත්‍රියේ හොරොව්පතාන සතිපොළ භූමියේ නවාතැන් ගෙන ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී අධික ලෙස බීමත්ව පැමිණි සැකකරු මෙම යුවළට පහරදී ඇති අතර, ඔවුන් සන්තකයේ තිබූ රුපියල් විසිපන්දහසක මුදලක් ද කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරකෑමට ලක්වූ කාන්තාව මීට මාසෙකට පෙර සීසේරියන් සැත්කමක් මඟින් දරුවෙකු ප්‍රසූත කර ඇති බවත් පහර කෑමෙන් ඇයට කරන ලද සැත්කමේ මැහුම් ගැලවී ගොස් තුවාල සිදුවී ඇති බවත් වාර්තා වනවා.

පහරකෑමෙන් ඇගේ සැමියාගේ දකුණු පාදය බිඳී ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

තුවාලකරුවන් හොරොව්පතාන රෝලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (02) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53