spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සතිපොළ භූමියක රැය පහන් කළ අඹුසැමි යුවළකට පහරදී මුදල් කොල්ල කළා

අඹුසැමි යුවළකට පහරදී ඔවුන් සන්තකයේ තිබූ රුපියල් විසිපන්දහසක මුදලක් කොල්ල කෑ පුද්ගලයෙකු පසුගිය දා (01) හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගත් බවයි.

පහරකෑමට ලක්වූ අඹුසැමි යුවළ පසුගිය 30 වනදා පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු හොරොව්පතාන නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඉකුත් 30 වනදා රාත්‍රියේ හොරොව්පතාන සතිපොළ භූමියේ දී මෙම සිද්ධිය සිද්ධිය සිදුව ඇති අතර, පහරකෑමට ලක්ව ඇත්තේ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 21 හැවිරිදි බිරිඳ බව සඳහන්.

පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ වෙළදාම් කිරීම සඳහා හොරොව්පතාන ප්‍රදේශයට පැමිණ එදින රාත්‍රියේ හොරොව්පතාන සතිපොළ භූමියේ නවාතැන් ගෙන ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී අධික ලෙස බීමත්ව පැමිණි සැකකරු මෙම යුවළට පහරදී ඇති අතර, ඔවුන් සන්තකයේ තිබූ රුපියල් විසිපන්දහසක මුදලක් ද කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරකෑමට ලක්වූ කාන්තාව මීට මාසෙකට පෙර සීසේරියන් සැත්කමක් මඟින් දරුවෙකු ප්‍රසූත කර ඇති බවත් පහර කෑමෙන් ඇයට කරන ලද සැත්කමේ මැහුම් ගැලවී ගොස් තුවාල සිදුවී ඇති බවත් වාර්තා වනවා.

පහරකෑමෙන් ඇගේ සැමියාගේ දකුණු පාදය බිඳී ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

තුවාලකරුවන් හොරොව්පතාන රෝලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (02) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?