AFC Banner
Empty Ad
Empty Ad

සත්භාවයෙන් රට ගොඩගන්න නම් සහාය දෙනවා – විපක්ෂ නායක

රට වැ⁣ටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට රජයට වැඩපිළිවෙළක් ඇත්නම් විපක්ෂයක් ලෙස සියලු දෙනා එක්ව උපරිම සහයෝගය ලබා දීමට කැමති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එහෙත් එවැනි වැඩපිළිවෙළක් වත්මන් රජයට නොමැති අතර රජය සිදු කරන දේශපාලන සූදුවලින් වැලකී රට ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි ඔහු කියාසිටියේ.

රජයට ඒ සඳහා දැනුමක් නැත්නම් විපක්ෂය සතු දැනුම මෙන්ම මානව සම්පත් ඊට ලබා දීමට කැමති බව ඔහු ප්‍රකාශ කළා.

රට තුළ භයානක ආර්ථික සමාජීය විනාශයක් සිදු වෙමින් පවතින අතර මේ මොහොත වන විට පවුල් 60000කට ආසන්න ප්‍රමාණයකට පිරිසුදු පානීය ජලය අහිමිවී ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

හෙක්ටයාර ලක්ෂ ගණනින් වගා බිම් නියඟය නිසා විනාශවී ඇති අතරම ගොවි ජනතාව ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ ජීවනේපාය අහිම වෙමින් පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

පාසල් ගුරුවරු 5000කට ආසන්න ප්‍රමාණයක් සහ විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත් මේ හේතුවෙන් රෝහල්වල වාට්ටු වැසී ශෛල්‍යකර්ම පවා කල් දමා ඇති බැවින් මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට නම් ජාතික එකමුතුවෙන් සහ ඒකාග්‍රතාවයෙන් යුත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

රට වැ⁣ටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට රජයට වැඩපිළිවෙළක් ඇත්නම් විපක්ෂයක් ලෙස සියලු දෙනා එක්ව උපරිම සහයෝගය ලබා දීමට කැමති වුව ද එවැනි වැඩපිළිවෙළක් වත්මන් රජයට නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

රජය සිදු කරන දේශපාලන සූදුවලින් වැලකී රට ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් රජයට ඒ සදහා දැනුමක් නැත්නම් විපක්ෂය සතු දැනුම මානව සම්පත් ඒ සදහා ලබා දීමට කැමති බවත් විපක්ෂ නායකවරයා කියාසිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ රට වැටී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

තනතුරු තාන්න මාන්න ⁣අපේක්ෂාවෙන් එවැනි කිසිදු සහයෝගයක් ලබා නොදෙන අතර හුදෙක්ම ලක්ෂ 220ක් ජනතාව වැටී තිබෙන තත්ත්වයෙන් මුදවා ගැනීමේ අරමුණින් සහයෝගය ලබා දෙන බවයි ඔහු අවධාරණය කළේ.

ඒ සඳහා නූතන තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කරන ලෙසත් යල් පැන ගිය වැඩසටහන් අනුගමනය කරන ජරාජීරණ දේශපාලනය අමතක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා.

තනතුරුවලට වහල් වී රටත් ජනතාවත් පාවා දීමට සුදානම් නොමැති බවත් එවැනි පාවාදීමේ දේශපාලන ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නම් වෙනත් අතක් බලා ගන්නා ලෙසත් රටේ ජාතික අවශ්‍යතාව පැත්තකට විසි කර දේශපාලන බඩගෝස්තරවාදී දේශපාලනය අනුගමනය කිරීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් ඔහු සඳහන් කළා.

රජයට හිතවත් මාධ්‍ය හරහා ගොඩනගනා ව්‍යාජ යථාර්ථයට ප්‍රබන්දවලට ලක්ෂ 220ක් ජනතාව නොරැවටෙන අතර මාතෘභූමිය සුරැකීමට කැපවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
15
+1
2
+1
0
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?