සටන් විරාම උල්ලංඝනය කරමින් ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් – චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය උල්ලංඝනය කරමින්, ඉරානය යළිත් ඊශ්‍රායලයට දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ වෙත මේ වනවිට සයිරන් හඬ නිකුත් වීම ආරම්භ වී ඇති බවයි.

මේ හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ජීවත් වන සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසට ද ඊශ්‍රායලය දැනුම්දී තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත ඊශ්‍රායලය සිය ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත්තේ, ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාර සිදු කළ යුතු බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ටෙහෙරානයේ පාලන තන්ත්‍ර වෙත බවත් වාර්තා වනවා.

ඊශ්‍රායල මුදල් අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ”ටෙහෙරානය සෙලවෙනු ඇත” යනුවෙන්.

සඳුදා දිනයේ දී අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව ට්‍රම්ප් විසින් නිවේදනය කරනු ලැබුවා.

නමුත් ඊට පළමු අවස්ථාවේ දී ම ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ, කිසිදු ලෙසකින් ඉරානය සටන් විරාමයකට එකඟ වී නොමැති බවත් ඊශ්‍රායලය ප්‍රහාර නතර කළහොත් ඊට එකඟ වන බවයි.

ඉන් පසුව ඉරානය නිල වශයෙන් සටන් විරාමයකට අවතීර්ණ වීමට එකඟ බව නිවේදනය කරමින් අවසන් වටයේ මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලය දෙසට යොමු කළා.

පසුව ඊශ්‍රායලය ද ට්‍රම්ප් කියූ පරිදි සටන් විරාමයකට අවතීර්ණ වීමට එකඟ වුව ද, නෙතන්යාහුගේ කාර්‍යාලය පැවසුවේ කිසියම් අවස්ථාවක ඉරානය සටන් විරාමය උල්ලංඝනය කළහොත් ප්‍රතිප්‍රහාර දරුණු වන බවයි.

මෙවන් තත්ත්වයක් යටතේදියි ඉරානය යළිත් ඊශ්‍රායලයට මිසයිල එල්ල කර ඇත්තේ.

කෙසේවෙතත් ඉරානය විසින් සටන් විරාමය උල්ලංඝනය කරමින් සිදු කරන ලද බවට පැවසෙන මිසයිල ප්‍රහාර අසත්‍ය බවත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?