සටන් විරාම උල්ලංඝනය කරමින් ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් – චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය උල්ලංඝනය කරමින්, ඉරානය යළිත් ඊශ්‍රායලයට දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ වෙත මේ වනවිට සයිරන් හඬ නිකුත් වීම ආරම්භ වී ඇති බවයි.

මේ හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ජීවත් වන සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසට ද ඊශ්‍රායලය දැනුම්දී තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත ඊශ්‍රායලය සිය ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත්තේ, ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාර සිදු කළ යුතු බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ටෙහෙරානයේ පාලන තන්ත්‍ර වෙත බවත් වාර්තා වනවා.

ඊශ්‍රායල මුදල් අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ”ටෙහෙරානය සෙලවෙනු ඇත” යනුවෙන්.

සඳුදා දිනයේ දී අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව ට්‍රම්ප් විසින් නිවේදනය කරනු ලැබුවා.

නමුත් ඊට පළමු අවස්ථාවේ දී ම ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ, කිසිදු ලෙසකින් ඉරානය සටන් විරාමයකට එකඟ වී නොමැති බවත් ඊශ්‍රායලය ප්‍රහාර නතර කළහොත් ඊට එකඟ වන බවයි.

ඉන් පසුව ඉරානය නිල වශයෙන් සටන් විරාමයකට අවතීර්ණ වීමට එකඟ බව නිවේදනය කරමින් අවසන් වටයේ මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලය දෙසට යොමු කළා.

පසුව ඊශ්‍රායලය ද ට්‍රම්ප් කියූ පරිදි සටන් විරාමයකට අවතීර්ණ වීමට එකඟ වුව ද, නෙතන්යාහුගේ කාර්‍යාලය පැවසුවේ කිසියම් අවස්ථාවක ඉරානය සටන් විරාමය උල්ලංඝනය කළහොත් ප්‍රතිප්‍රහාර දරුණු වන බවයි.

මෙවන් තත්ත්වයක් යටතේදියි ඉරානය යළිත් ඊශ්‍රායලයට මිසයිල එල්ල කර ඇත්තේ.

කෙසේවෙතත් ඉරානය විසින් සටන් විරාමය උල්ලංඝනය කරමින් සිදු කරන ලද බවට පැවසෙන මිසයිල ප්‍රහාර අසත්‍ය බවත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55