spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත් ප්‍රේමදාස අතින් විවෘත වූ දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ කාර්යාලය

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියානු මෙරට මහ කොමසාරිස් ගෝපාල් බග්ලි යන මහතුන් විසින් (30) දින විවෘත කරනු ලැබුහ.

හැටන් දික්ඔය ඔටර් වතුයායේ අලුතින් ඉදි කරන ලද දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය සියළුම පහසුකම් වලින් සමන්විත එම සන්ධානය විසින් ඉදි කර ඇති අතර, දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සියළුම පාලන කටයුතු නව කාර්යාලය තුලින් සිදු කරන බවයි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමට සමගාමිව පසුගිය දා මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ආපදාවට ලක්ව මියගිය නාවලපිටිය කැටබුලාවේ තිදෙනෙකුට , ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේ දෙදෙනෙකුට සහ හැටන් අබොස්ලි වතුයායේ පවුලේ ඥාතින්ට විපක්ෂ නායකවරයා විසින් මුදල් ආධාර ලබාදෙනු ලැබුහ.

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමෙන් අනතුරුව එම ප්‍රදේශයේ රැස්විමක්ද පැවැත් වු අතර, මෙම අවස්තාවට දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායකවරුන් වන පා.ම පලනි දිගම්බරම් , පා.ම වි රාධා ක්‍රිෂ්නන් , පා.ම එස්.උදයකුමාර් , පා.ම වේළුකුමාර් යන මහතුන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

01 7 scaled
01 1 scaled
01 2 scaled
01 3 scaled
01 4 scaled
01 5 scaled
01 6 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?