සජබ ඇතැම් පාර්ශ්ව පාතාලය සමග සම්බන්ධ බවට කළ ප්‍රකාශය වගකීමෙන් කළ එකක් – ආනන්ද විජේපාලගෙන් පිළිතුරක්

තමන් සමගි ජන බලවේගය පක්ෂයේ ඇතැම් පාර්ශ්ව පාතාල කල්ලි සාමාජිකයින් සමග සබඳතා පවතින බවට ප්‍රකාශ කළේ, වගකීමකින් යුතු ව බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අද (21) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලද අභියෝගයට ප්‍රති උත්තරය් පිරිනමමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට අදාළ සිද්ධිය පිළිබඳ ව විශේෂ විමර්ශනයක් ඇති බවත්, එම විමර්ශනයෙන් අනතුරුව අදාළ නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි.

සමගි ජන බලවේගය පක්ෂය කිසිදු ලෙසකින් පාතාල කල්ලි සාමාජිකයින් සමග සබඳතාවක් නොමැති බව වගකීමකින් යුතු ව ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළ අතර නායකයා හෝ පක්ෂයේ තනතුරු දරන්නෙකු හෝ සාමාජිකයෙකු එසේ සම්බන්ධ නම් වහාම නම් ප්‍රකාශ කරන ලෙසයි ආනන්ද විජේපාල මහතාගෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?