සමගි ජන බලවේගය පක්ෂයේ ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ යළිත් සිය පක්ෂය සමග එක් ව තිබෙනවා.
හිටපු මන්ත්‍රීවරයා අද (28) නැවතත් විපක්ෂ නායක කාර්‍යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කළ ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවල පත් කිරීමක් සම්බන්ධයෙන් සිදු වූ වරදක් හේතුවෙන් තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, නමුත් කිසිදු අවස්ථාවක දී තමන් සමගි ජන බලවේගය පක්ෂය හැරයාමක් සිදු නොකළ බවයි.
සමගි ජන බලවේගය යනු තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරගත් පක්ෂය බව ද බණ්ඩාරිගොඩ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
8
+1
+1
+1
+1
4





