AFC Banner
Empty Ad
Empty Ad

සජබය ඡන්ද හොරකමේ යන තැනට පත්වෙලා – ජනපති

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවයි ජනාධිපතිවටයා පැවසුවේ.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතික ජනබලවේගය පක්ෂය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර, අතීතය නොදැන අනාගතයට යා නොහැකි බව ද පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට ඊයේ (02) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

පසුගිය දෙවසර තුළ වැටුණු රට ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහාය තමන් කිසිදා අමතක නොකරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා.

මේ අතර නිර්පාක්ෂික අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහට සහාය ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ යෝජනාව මෙහිදී ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?