සජබය ඡන්ද හොරකමේ යන තැනට පත්වෙලා – ජනපති

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවයි ජනාධිපතිවටයා පැවසුවේ.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතික ජනබලවේගය පක්ෂය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර, අතීතය නොදැන අනාගතයට යා නොහැකි බව ද පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට ඊයේ (02) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

පසුගිය දෙවසර තුළ වැටුණු රට ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහාය තමන් කිසිදා අමතක නොකරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා.

මේ අතර නිර්පාක්ෂික අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහට සහාය ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ යෝජනාව මෙහිදී ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46