AFC Banner
Empty Ad
Empty Ad

සජබයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි – කරුණු රැසක් ගැන සාකච්ඡා

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් ඊයේ (03) රාත්‍රියේ පැවැත් වුණා.

ඒ, එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

එහිදී විපක්ෂයක් ලෙස ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පිළිබඳ සාකච්ඡා කළ බවයි එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

එළඹෙන මැයි දිනයේ සංවිධානය කරන කටයුතු පිළිබඳවත්, ත්‍රස්ත පනත සම්බන්ධයෙන් සහ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම මැයි දිනයේ සංවිධාන කටයුතු පිළිබඳව ද ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර, පක්ෂය හැරදමා යන පිරිස් සමගි ජනබලවේගය තුළ සිටිනවා දැයි රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

එහිදී ඔවුන් සඳහන් කළේ එලෙස පක්ෂ හැර යාමට සූදානම් පිරිස් සමගි ජනබලවේගයේ නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?