AFC Banner
Empty Ad
Empty Ad

සජබයෙන් භික්ෂු උපදේශක සභාවක් (ඡායාරූප)

භික්ෂු උපදේශක සභාවක් මෙම මස 30 වනදා කෝට්ටේ දී පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි මෙම උපදේශක සභාව කැඳවන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ.

මේ පිළිබඳව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට අද (11) පැමිණි අවස්ථාවේ දී රංජිත් මද්දුමබණ්ඩාර මහ ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියා.

භික්ෂූ උපදේශක සභාවක් පැවැත්වීමේ අරමුණ සම්බන්ධව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් පසු රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව ද උන්වහන්සේලා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා සමඟ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන අය එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?