AFC Banner
AFC Banner
Empty Ad

සකන්ඩ් හෑන්ඩ් වාහන මිල සීඝ්‍රයෙන් පහතට

පාවිච්චි කරන ලද වාහනවල මිල ගණන් වෙළඳපොළ තුළ සීඝ්‍රයෙන් පහළ බැසීමේ තත්ත්වයක් මතුව ඇති බව වාහන අලෙවිකරුවන් සඳහන් කරනවා.

ලීසිං සමාගම් පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කිරීම, වාහන අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම වැනි කරුණු මෙලෙස පාවිච්චි කරන ලද වාහනවල මිල ගණන් අඩුවීමට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට මෙරට තුළ පවතින පාවිච්චි කරන ලද වාහන වර්ග කිහිපයක පැවති මිල සහ වර්තමාන මිල ගණන් පහත දැක්වෙනවා.

ටොයෝටා විට්ස් (2018)
නව මිල – ලක්ෂ 60
පෙර මිල – ලක්ෂ 80

ටොයෝටා ඇක්වා (ජී 2012)
නව මිල – ලක්ෂ 50
පෙර මිල – ලක්ෂ 60 ඉක්මවයි

ටොයෝටා ප්‍රිමියර් ( 2017)
නව මිල – එක්කෝටි තිස්හත් ලක්ෂයයි
පෙර මිල – කෝටි එකහමාර ඉක්මවයි

හොන්ඩා වෙසල් (2014)
නව මිල – ලක්ෂ 63
පෙර මිල – ලක්ෂ 80 ඉක්මවයි

හොන්ඩා ෆිට් (2012)
නව මිල – ලක්ෂ 50 යි
පෙර මිල – ලක්ෂ 65 ඉක්මවයි

සුසුකි වැගන් ආර් (2014)
නව මිල – ලක්ෂ 39යි
පෙර මිල – ලක්ෂ 45 ඉක්මවයි

සුසුකි ඇල්ටෝ ( 2015)
නව මිල – ලක්ෂ 27යි
පෙර මිල – ලක්ෂ 34යි

සුසුකි ජපන් ඇල්ටෝ (2017)
නව මිල – ලක්ෂ 39යි
පෙර මිල – ලක්ෂ 45 ඉක්මවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
164
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?