AFC Banner
AFC Banner
Empty Ad

සංස්ථාවට වඩා ඉන්ධන ඇත්තේ මෙතැනයි – ඇමති කංචනගෙන් හෙළිදරව්වක්

කොලොන්නාව, මුතුරාජවෙල හා සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩා පර්යන්තවල ඇති ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් රටේ වෙනත් තැන්වල පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

කොපමණ තෙල් පැමිණියත් අවශ්‍යතාවේ අඩුවක් සිදු වී නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඉන්දියානු ණය වැඩපිළිවෙල යටතේ ලැබෙන අවසාන තෙල් නැව ලබන 16 වනදා පැමිණෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර පොදු ප්‍රවාහනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කිරීමට සිදු වන බව අමාත්‍යවරයා ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?