සංස්කෘතිකයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතනය එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබාදෙනු ලැබුවේ සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සකච්ඡාවේදීයි.

සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සිංහල සංස්කෘතික ආයතනය පවතින භූමියේ වාණිජමය වටිනාකම ඉතා ඉහළ බැවින් ආයතනයේ ගොඩනැඟිලි පහසුකම් සංවර්ධනය කර ආයතනයට ගැළපෙන ක්‍රියාකාරකම් මඟින් ආදායම් ඉපැයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා යම් මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය නම් එය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අවශ්‍ය කටයුතු කළ හැකි බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

දැනට සිංහල සංස්කෘතික ආයතනයේ සාමාජිකන් 300ක් පමණ සිටින අතර, තවදුරටත් එම සාමාජිකත්වය පුළුල් කර උගත් තරුණ පරපුරට අවස්ථාව සළසා දීම තුළින් නව අදහස් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15