සංචාරය කරන්න හොඳම දූපත් අතරට ශ්‍රී ලංකාවත්

සංචාරක වෙබ් අඩවියක් වන Big 7 Travel මගින් ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතරින් එකක් ලෙස නම් කර තිබෙනවා.

2023 වසරේ ප්‍රධාන සිදුවීම්, නව හෝටල් සහ ආපනශාලා විවෘත කිරීම් මෙන්ම 2023 වසරේ දී සංචාරයක් වඩාත් විශේෂ කිරීමට බැඳී සිටින විශේෂ අවස්ථා සැලකිල්ලට ගනිමිනුයි ‘2023 දී ලෝකයේ හොඳම දූපත් 50’ (‘ The 50 Best Islands in the World in 2023’) ලැයිස්තුව සම්පාදනය කර ඇත්තේ.

සංචාරක වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුවට අනුව, බහමාස් යනු 2023 දී ඕස්ට්‍රේලියාවේ ටස්මේනියාව සහ ඉන්දුනීසියාවේ රාජා අම්පට් දූපත්වලට වඩා සංචාරය කිරීමට හොඳම දූපතයි.

ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

විරෝධතා, ආර්ථික අර්බුද සහ වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසර කිහිපයක සිට සංචාරක කර්මාන්ත පද්ධතියෙන් ඉවත්ව සිටියද, දැන් එහි දොරටු විවර වී ඇති බවත් ශ්‍රී ලංකාව නැරඹීමට දහසක් හේතු තිබෙන බවයි වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

ඔවුන් පවසන්නේ සංචාරකයින්ට මිත්‍රශීලී මිනිසුන්, රසැති ආහාර, නිමක් නැති වෙරළ සහ පෞරාණික නටබුන් සුන්දර දිවයිනේදී අත්විඳිය හැකි බවයි.

පැය කිහිපයක් ඇතුළත වතුකරය, අලි ඇතුන් පිරුණු වනජීවී උද්‍යාන, වසර දහස් ගණනක් පැරණි නටඹුන් සහ නිමක් නැති රන්වන් වැලි තීරු නැරඹීමට සංචාරකයන්ට හැකිවනු ඇති බවයි බිග් 7 ට්‍රැවල් වෙබ් අඩවිය පවසන්නේ.

මෙම රටවල් ලැයිස්තුවට අනුව, කැනරි දූපත්, ස්පාඤ්ඤය, ලන්කාවි, මැලේසියාව, මාලදිවයින, බාලි, ඉන්දුනීසියාව සහ සීෂෙල්ස් වැනි ගමනාන්තවලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?