පසුගියදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ ගමන් කළ අය පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සබ්මැරීනයේ සිටි බවට විශ්වාස කරන එක් අයෙක් වන්නේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා ගවේෂක හමිෂ් හාඩින් ය.
73 හැවිරිදි ප්‍රංශ ජාතික Paul-Henry Nargeolet නැමැත්තාද සබ්මැරීනයේ සිටි බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම මෙම සඳහා සංචාරය සංවිධානය කළ OceanGate Expeditions හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ Stockton Rush යානයේ සිටි බවටද වාර්තා පළ වී තිබෙනවා. පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු වන ෂෙසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ද පස් දෙනෙකුගෙන් යුත් මෙම යානයේ සිට ඇති බව පවුලේ අය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන බවයි.




