සංචාරක ව්‍යාපාරිකයෙකු දියේ ගිලී මරුට

විදෙස් සංචාරකයින් පිරිසක් සමග බේරුවල මුහුදේ දිය නෑමට ගිය සංචාරක ව්‍යාපාරිකයෙකු මුහුදේ ගිලී මිය ගොස් ඇති බව බේරුවල පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර නාගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි ව සිටි ප්‍රියත් අශෝක කුමාර නමැති 49 හැවිරිදි විවාහකයෙකු බවයි වාර්තා වන්නේ.

විදෙස් සංචාරකයින් පිරිසක් සමග මරණකරු අද (14) දහවල් බේරුවල – මරදාන ප්‍රදේශයේ දියනාමින් සිටියදී දියේ ගිලී තිබෙනවා.

දියේ ගිලුණ සංචාරක ව්‍යාපාරිකයා ගොඩගෙන ඇති අතර ඒ වනවිටත් මියගොස් සිට ඇති බවත් ඔහු මියයන විට ද ආරක්ෂක උපාංග පැළඳ සිටි ඇති බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?