සංචාරක යුවළගේ මුදල් සොරකම් කළ හෝටල් සේවකයා අත්අඩංගුවේ

මහනුවර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි පාකිස්ථාන ජාතික යුවළකගේ මුදල් පසුම්බියෙන් ඩොලර් 900ක මුදලක් සොරකම් කිරීමේ චෝදනා මත එම හෝටලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (14) මෙම පාකිස්ථාන යුවළ නවාතැන් ගෙන සිටි කාමරය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ මුදල් සොරාගෙන ඇති බවටයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

කොළඹ ප්‍රදේශයේ සංචාරයක නිරතව සිට මහනුවර දක්වා පැමිණි වෑන් රථයේ රියදුරාට ලබාදීම සඳහා වෙන්කර තිබූ ඩොලර් 900ක මුදල සැකකාර හෝටල් සේවකයා විසින් සොරා ගෙන ඇති බව සඳහන්.

රියදුරා අදාළ මුදල ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මුදල් පසුම්බියේ තිබූ මුදල එහි නොතිබීම නිසා පාකිස්ථාන යුවළ ඒ පිළිබඳ හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙනවා.

පසුව මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයට සිද්ධිය දැනුම් දීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු මීට පෙර ද තරු පන්තියේ හෝටල් කිහිපයක සේවය කරමින් සිටිය දී මුදල් සොරකම් කළ බවට චෝදනා ලබා ඇති අයෙක් බව ද සඳහන්.

අදාළ මුදල් සොයා ගැනීමෙන් පසු සැකකරු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ වනවිට පාකිස්ථාන ජාතික යුවළ කොළඹ බලා පිටත්ව ගොස් තිබූ අතර අධිකරණ නියෝග මත අදාළ මුදල ඔවුන්ට බාර දීමට පොලිසිය පියවර ගනු ලැබුවා.

පැමිණිල්ල කිරීමෙන් පසු පොලිසිය වහාම ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තම මුදල් සොයා දීමට කටයුතු කිරීම පිළිබඳව අදාළ යුවළ පොලිසියට විශේෂ ස්තූතියක් පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34