සංචාරක ඉල්ලුම වැඩි වුනොත් තවත් ඔඩිසි දුම්රියක් – දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා

දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් හෙට (10) දිනයේ සිට නානුඔය සිට ඇල්ල දක්වා අලුතින් ඔඩිසි දුම්රියක් ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩි. ජයසුන්දර පවසනවා.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ මිලියන 02ක ප්‍රතිපාදන යටතේ හැටන් – සාත්තු නිවාස මාර්ගයේ ඉදිකළ දුම්රිය ආරක්ෂක ගේට්ටුව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම දුම්රියට අධික ඉල්ලුමක් පැවතිය හොත් තවත් මෙවැනිම ඔඩිසි දුම්රියක් ධාවනයට එක්කරන බවයි.

මේ අතර දුම්රිය ප්‍රවේශපත්‍ර කලින් වෙන්කර ගැනීමේ දී මීට පෙර සිදුවූ අක්‍රමිකතාවයන් වළක්වාලීමට මේ වනවිට පියවර ගෙන තිබීම හේතුවෙන් ඕනැම මගියෙකුට දුම්රිය ප්‍රවේශපත්‍ර කලින්වෙන්කර ගැනීමට මේ වනවිට අවස්ථාව පවතින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම තුන්වන පන්තියේ ආසන වෙන්කර ගැනීම ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මකවන බවත්, එය දිවයින පුරා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22