සංචාරක ආදායම 173%කින් ඉහළට

ඉකුත් ජුනි මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 123ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර එය පසුගිය වසරේ එම මාසයේදී උපයාගත් අමෙරිකානු ඩොලර් මිලියන 45ට සාපේක්ෂව සියයට 173ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.මේ වසරේ මුල් මාස හයක කාලයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම සියයට 173කින් වර්ධනය වී තිබේ.

පසුගිය ජුනි මාසයේ අවසානය වන විට විදෙස් සංචාරකයන් 624,874 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මේ වසරේ මැයි මාසයේදී සංචාරකයන් 83,309 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඊට සාපේක්ෂව ජුනි මාසයේදී සංචාරකයන් 100,388 දෙනකු පැමිණ තිබෙන බව ද පසුගිය 2022 වසරේ පළමු මාස හයක කාලයේ මෙරටට පැමිණි 411,377ට සාපේක්ෂව මේ වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී සංචාරකයන් 624,874 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජුනි මාසයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29