Fly high Get bonus Aviator Phone

සංචාරක ආදායම 173%කින් ඉහළට

ඉකුත් ජුනි මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 123ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර එය පසුගිය වසරේ එම මාසයේදී උපයාගත් අමෙරිකානු ඩොලර් මිලියන 45ට සාපේක්ෂව සියයට 173ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.මේ වසරේ මුල් මාස හයක කාලයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම සියයට 173කින් වර්ධනය වී තිබේ.

පසුගිය ජුනි මාසයේ අවසානය වන විට විදෙස් සංචාරකයන් 624,874 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මේ වසරේ මැයි මාසයේදී සංචාරකයන් 83,309 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඊට සාපේක්ෂව ජුනි මාසයේදී සංචාරකයන් 100,388 දෙනකු පැමිණ තිබෙන බව ද පසුගිය 2022 වසරේ පළමු මාස හයක කාලයේ මෙරටට පැමිණි 411,377ට සාපේක්ෂව මේ වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී සංචාරකයන් 624,874 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජුනි මාසයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?