සංගීත සංදර්ශන බලන්න යන්න පුලුවන් මේ අයට පමණයි!

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) 877ක් ලෙස සටහන් වූ අතර කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 16ත්, 19ත් අතර පිරිසට කොරෝනා මර්දන දෙවන එන්නත ලබාදීම ඊයේ සිට ආරම්භ කෙරුණා. එන්නත්කරණ විශේෂඥ කමිටුවේ අනුමැතියට යටත්ව පළමු මාත්‍රාව ලබාගෙන මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 16ත්, 19ත් අතර සියලු දෙනාට ඒ අනුව දෙවන මාත්‍රාව ලබාගත හැකියි. එසේම අවශ්‍ය තරම් රට තුළ කොරෝනා මර්දන එන්නත් පවතින බව ද කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. මේ අතර, පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46
Video thumbnail
ජනපති එක අතකින් පව් - එතුමා වොෂින්ටන් වෙලා..අවුරුද්ද කන එක මිනිසුන්ට හීනයක් වෙලා
09:21
Video thumbnail
පොත ගහන එකේ මහමොළකරු ආණ්ඩුවද ?හෙක්ටර් නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් කියලා දෙයි..
04:45