spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

සංගීතයක් මැද තරුණයෙකුගේ ගෙළ කපා ඝාතනය කරලා (වීඩියෝ)

සංගීත ප්‍රසංගයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක්.

අපරාධය සිදුකළ සැකකරු තරුණියක් සමඟ විවාහ වී සිට ඇති අතර, එම තරුණිය ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර, ගමගොඩ ප්‍රදේශයේ ඊයේ (15) පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ ඇති මෙම තරුණිය, එහි දී ඇය සේවයකරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමඟ නර්තනයේ යෙදී සිට ඇති බව සඳහන්.

එය දැක ඇති සැකකරු වූ ඇයගේ විවාහක සැමියා ඊට උරණ වී තරුණිය සමඟ නර්තනයේ යෙදී සිට තරුණයාගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඇති බවයි කළුතර දකුණ පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 25ක ගමගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
44
+1
32
+1
15
+1
205
+1
26
+1
56
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?