සංගීතයක් මැද තරුණයෙකුගේ ගෙළ කපා ඝාතනය කරලා (වීඩියෝ)

සංගීත ප්‍රසංගයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක්.

අපරාධය සිදුකළ සැකකරු තරුණියක් සමඟ විවාහ වී සිට ඇති අතර, එම තරුණිය ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර, ගමගොඩ ප්‍රදේශයේ ඊයේ (15) පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ ඇති මෙම තරුණිය, එහි දී ඇය සේවයකරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමඟ නර්තනයේ යෙදී සිට ඇති බව සඳහන්.

එය දැක ඇති සැකකරු වූ ඇයගේ විවාහක සැමියා ඊට උරණ වී තරුණිය සමඟ නර්තනයේ යෙදී සිට තරුණයාගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඇති බවයි කළුතර දකුණ පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 25ක ගමගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30