AFC Banner
Empty Ad
Empty Ad

“සංගා පුරාවෘත්තයක්..” – වාර්තාගත ඉනිමෙන් පසු ක්‍රිස් ගේල් කියයි

අබුඩාබි ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලියේදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට අබුඩාබි කණ්ඩායමේ ක්‍රිස් ගේල් සමත් වුනා. ඒ මරාතා ඇරබියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 12කදී ලකුණු 50ක් වාර්තා කරමින්.

තරගාවලියේ සුපර්ලීග් වටය යටතේ පැවැති මරාතා ඇරබියන්ස් සහ අබුඩාබි කණ්ඩායම අතර පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මරාතා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 10දී කඩුලූ 4ක් දැවී ලකුණු 97ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය අබුඩාබි කණ්ඩයාම පන්දුවාර 5.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් වුවා.

මරාතා ඇරබියන්ස් පන්දු යවන්නන් අසරණ කරමින් මල්වෙඩි පිති ප්‍රහාරයක් දියත් කළ ක්‍රිස් ගේල් පන්දු 22කදී නොදැවී ලකුණු 84ක් වාර්තා කළා. හයේ පහර 9ක් සහ හතරේ පහර 6ක් එම ඉනිම ඇතුළත එල්ල කිරීමටද ක්‍රිස් ගේල් සමත් වුවා . එ අනුව එහිදී පන්දු 12කදී අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ ගේල් ටී 10 තරගාවලියේදී වේගවත්ම අර්ධ ශතක වාර්තාව සම කිරීමට මෙම තරගයේදී සමත් වුවා. අබුඩාබි ටී 10 තරගාවලියේදී මීට පෙර 2018 වසරේදී රාජ්පුට් කණ්ඩායම නියෝජනය කරමින් මොහොමඞ් ෂෙසාඞ් පන්දු 12කදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබුනා.

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර මෙම තරගාවලියේදී අබුඩාබි කණ්ඩායමේ උපදේශක වශයෙන් කටයුතු කරන අතර තරගයෙන් අනතුරුව ක්‍රිස් ගේල් තමා පිතිකරණයට යෑමට පෙර සංගක්කාරගෙන් වැදගත් උපදෙස් ලැබුණු බවත් එය සිය දක්ෂතා වර්ධනය කර ගැනීමට උපකාරි වුණු බවත් පවසා තිබෙනවා. ‘ඉගෙනීම අපි කවදාවත් නතර කරන්නේ නැහැ. මම හැමදාමත් ඉගෙන ගන්නවා. සංගා ඔයා තමයි පුද්ගලයා. ඔයා පුරාවෘත්තයක්’ යනුවෙයන් ගේල් එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලෙන් මාලිමාවට වැඩ්ඩෝ 12ක් - කරන්න යන අලුත් පෙරළිය එළියට #npp #akd #anurakumaradissanayake
02:58
Video thumbnail
කොළොන්නාවම වසාගත් ජල රකුසා - නිවාස රැසක් ජලයෙන් යට වෙයි #climate #badweather
01:26
Video thumbnail
ඉතා කෙටි කාලයක් තුළ ජාතික ජන බලවේගයේ පිරිහීම පේනවා #sjb #akd #anurakumaradissanayake
02:22
Video thumbnail
වඩිවෙල්ට - තොණ්ඩමන්ට - දිගම්බරන්ට මාලිමාවෙන් ඇන්න ටොක්ක - මාලිමා ප්‍රබලයෙක් වතුකරයට රිංගයි
01:27
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14

?