සංගාගේ කලකට අමතක නොවන ශතකයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින්.

ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම මෙම තරගාවලියේ මූලික වටයේ තරග පහකට ක්‍රීඩාකළ අතර එම තරගවලින් හතරක් ජයගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

මේ අතර ඊයේ (10) එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව හිමි වුණා.

කුමාර් සංගක්කාරගේ විශිෂ්ඨ ශතකයත් සමඟ ශ්‍රී ලංකාව එංගලන්තය පරදා මෙම තරගය ජයගත්තේ කඩුලු 09 කින්.

ඉන්දියාවේ රායිපූර්හි දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ, අනුව පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 146ක්.

අනතුරුව ලකුණු 147ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට කුමාර් සංගක්කාර සහ රොමේෂ් කලුවිතාරණ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර, පළමු කඩුල්ල සඳහා ලකුණු 108ක සබඳතාවයක් ගොඩගැනීමට ඔවුන් දෙදෙනාට හැකියාව ලැබුණා.

රොමේෂ් කලුවිතාරණ ලකුණු 16කට දැවී ගිය අතර, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර් පන්දු 47ක් තුළ නොදැවී ලකුණු 106ක් රැස් කළේ අලංකාර හතරේ පහර 19ක් සමඟින්.

ඔහුගේ මෙම වටිනා ඉනිමට එක් හයේ පහරක් ඇතුළත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් එම තරගය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50