AFC Banner
AFC Banner
Empty Ad

සංක්‍රමණිකයන් 60කට වැඩි පිරිසක් ලිබියාවේ දියේ ගිලී මිය යයි

ලිබියාවට ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 60කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration) හෙවත් (IOM) ) දිවි ගලවා ගත් අය උපුටා දක්වමින් පැවසුවේ යාත්‍රාව 86 දෙනෙකු පමණ සමඟ Zuwara නගරයෙන් පිටත් වූ එකක් බවයි.

අයහපත් කාලගුණික තත්වය හමුවේ බෝට්ටුව ගිලී ගොස් ඇති අතර ළමයින් ඇතුළු සංක්‍රමණිකයන් 61 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එහි සඳහන්.

මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් පැමිණෙන ප්‍රධාන ස්ථාන අතර ලිබියාව ද වනවා.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ මේ වසරේ පමණක් 2,200 කට වැඩි පිරිසක් මෙලෙස අනවසර ගමන් කිරීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී ඇති අතර එය ලෝකයේ වඩාත්ම භයානක සංක්‍රමණ මාර්ගවලින් එකක් බවට පත් කර ඇති බවයි.

මෙවර දියේ ගිලීමෙන් මියගිය වැඩි දෙනෙක් නයිජීරියාව, ගැම්බියාව සහ අනෙකුත් අප්‍රිකානු රටවලින් පැමිණි අය බව ඒ.එෆ්.පී පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

දිවි ගලවා ගත් 25 දෙනෙකු ලිබියානු රැඳවුම් මධ්‍යස්ථානයකට මාරු කර ඇති අතර ඔවුන්ට වෛද්‍ය ආධාර ලබා දෙන බව ද එහි සඳහන්.

ජුනි මාසයේදී, දකුණු ග්‍රීසියේ සංක්‍රමණිකයින් රැගත් ධීවර බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගිය අතර තවත් 100 දෙනෙකු බේරා ගනු ලැබුවා.

මධ්‍යධරණී මුහුදු හරස් මාර්ගවල බොහෝ විට සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් ආරක්ෂිතව තබා ගැනීමට නොහැකි තරම් කුඩා බෝට්ටු මත පිරී සිටිනු දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

සංචාරය කරන අය සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන්නේ යුරෝපයේ වෙනත් රටවලට යාමට පෙර ඉතාලියට ගොඩ බැසීමටයි.

ඉන් ඇතැම් පිරිස් ගැටුම්වලට හෝ පීඩාවලට ලක්වූවන් වන අතර තවත් සමහරු රැකියාවක් සොයමින් සිටින අය වනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව ටියුනීසියාවේ සහ ලිබියාවේ සිට මේ වසරේ ඉතාලියට සංක්‍රමණිකයන් 153,000 කට වැඩි පිරිසක් පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?