සංක්‍රමණිකයන් 60කට වැඩි පිරිසක් ලිබියාවේ දියේ ගිලී මිය යයි

ලිබියාවට ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 60කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration) හෙවත් (IOM) ) දිවි ගලවා ගත් අය උපුටා දක්වමින් පැවසුවේ යාත්‍රාව 86 දෙනෙකු පමණ සමඟ Zuwara නගරයෙන් පිටත් වූ එකක් බවයි.

අයහපත් කාලගුණික තත්වය හමුවේ බෝට්ටුව ගිලී ගොස් ඇති අතර ළමයින් ඇතුළු සංක්‍රමණිකයන් 61 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එහි සඳහන්.

මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් පැමිණෙන ප්‍රධාන ස්ථාන අතර ලිබියාව ද වනවා.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ මේ වසරේ පමණක් 2,200 කට වැඩි පිරිසක් මෙලෙස අනවසර ගමන් කිරීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී ඇති අතර එය ලෝකයේ වඩාත්ම භයානක සංක්‍රමණ මාර්ගවලින් එකක් බවට පත් කර ඇති බවයි.

මෙවර දියේ ගිලීමෙන් මියගිය වැඩි දෙනෙක් නයිජීරියාව, ගැම්බියාව සහ අනෙකුත් අප්‍රිකානු රටවලින් පැමිණි අය බව ඒ.එෆ්.පී පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

දිවි ගලවා ගත් 25 දෙනෙකු ලිබියානු රැඳවුම් මධ්‍යස්ථානයකට මාරු කර ඇති අතර ඔවුන්ට වෛද්‍ය ආධාර ලබා දෙන බව ද එහි සඳහන්.

ජුනි මාසයේදී, දකුණු ග්‍රීසියේ සංක්‍රමණිකයින් රැගත් ධීවර බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගිය අතර තවත් 100 දෙනෙකු බේරා ගනු ලැබුවා.

මධ්‍යධරණී මුහුදු හරස් මාර්ගවල බොහෝ විට සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් ආරක්ෂිතව තබා ගැනීමට නොහැකි තරම් කුඩා බෝට්ටු මත පිරී සිටිනු දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

සංචාරය කරන අය සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන්නේ යුරෝපයේ වෙනත් රටවලට යාමට පෙර ඉතාලියට ගොඩ බැසීමටයි.

ඉන් ඇතැම් පිරිස් ගැටුම්වලට හෝ පීඩාවලට ලක්වූවන් වන අතර තවත් සමහරු රැකියාවක් සොයමින් සිටින අය වනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව ටියුනීසියාවේ සහ ලිබියාවේ සිට මේ වසරේ ඉතාලියට සංක්‍රමණිකයන් 153,000 කට වැඩි පිරිසක් පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15