සංක්‍රමණිකයන් රැගත් යාත්‍රා අනතුරකින් 30ක් මරුට

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට ඔබ්බෙන් අනතුරට ලක්වූ සංක්‍රමණිකයන් 227 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් පවසනවා.

ඊයේ අනතුරට ලක්වූ යාත්‍රාවේ ගමන් කළ සංක්‍රමණිකයන් 30කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අත්ලාන්තික් සාගරයේ Lanzarote සහ Gran Canaria දූපත් අසල දී මෙම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව අනතුරට ලක්වී තිබුණා.

බේරා ගත් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි සඳහන්.

කැනරි දූපත් කලාපයේ නායක ඒන්ජල් වික්ටර් ටොරස් මෙම සිද්ධිය ඛේදවාචකයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර සංක්‍රමණ ගැටලුවට සහාය ලබා දෙන සංක්‍රමණ ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙසටයි යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ.

අප්‍රිකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වුවද, කැනරි දූපත් ස්පාඤ්ඤයේ කොටසක් වන අතර, බොහෝ සංක්‍රමණිකයන් අප්‍රිකාවේ සිට එම දූපත් සමූහයට ගමන් කරන්නේ යුරෝපයේ ප්‍රධාන භූමියට ළඟා වීමේ අපේක්ෂාවෙන්.

බටහිර අප්‍රිකා-අත්ලාන්තික් සංක්‍රමණ මාර්ගය ලොව මාරාන්තිකම එකක් ලෙස සලකනු ලබන අතර, 2022 දී එම ගමනේදී අවම වශයෙන් සංක්‍රමණිකයන් 543ක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයපවසනවා.

ඔවුන් පවසන්නේ එම කාලසීමාව තුළ අදාළ මාර්ගයේ නැව් සුන්බුන් 45ක් හමුවී ඇති බවයි.

මෙලෙස පැමිණෙන සංක්‍රමණිකයන් බොහෝ දෙනා මොරොක්කෝව, මාලි, සෙනගල්, කෝට් ඩි අයිවෝර් සහ උප සහරා අප්‍රිකාවේ අනෙකුත් ප්‍රදේශවලින් බව එහි සඳහන්.

පසුගිය සතියේ, මිනිසුන් සිය ගණනක් රැගත් සංක්‍රමණික බෝට්ටුවක් ග්‍රීක වෙරළට ඔබ්බෙන් ගිලී ගිය අතර, එහිදී පුද්ගලයන් 78 දෙනෙකු මිය ගොස් ඇති බව අනාවරණ වුණා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ පුද්ගලයන් 500ක් පමණ තවමත් අතුරුදන්ව සිටින බවත්, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ග්‍රීක වෙරළාරක්ෂක බලකායේ වාර්තාව පිළිබඳව සැක පහළ වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29