ෂෝන් මාෂ් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් මාෂ් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

මේ වනවිට ක්‍රියාත්මක ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කර ෂෝන් මාෂ් 40 හැවිරිදි වියේ පසුවනවා.

ඒ, අනුව මාෂ්, ලබන 17 වනදා පැවැත්වෙන සිඩ්නි තන්ඩර්ට එරෙහිව මෙල්බර්න් රෙනෙගේඩ්ස් තරගයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාමගන්නා බවයි සඳහන් කර ඇත්තේ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ෂෝන් මාෂ් ජාත්‍යන්තර ටෙස්ට් තරග 38ක් එක්දින තරග 73ක් සහ විස්සයි විස්ස තරග 15ක් ක්‍රීඩාකර තිබෙනවා.

ෂෝන් මාෂ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ගේ සහෝදරයා ද වන අතර, අවසන් වරට ඔහු 2019 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර තිබුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරුවෙක්වන ආරොන් ෆින්ච් ද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුගිය දා සමුගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27

?