ෂෝන් මාෂ් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් මාෂ් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

මේ වනවිට ක්‍රියාත්මක ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කර ෂෝන් මාෂ් 40 හැවිරිදි වියේ පසුවනවා.

ඒ, අනුව මාෂ්, ලබන 17 වනදා පැවැත්වෙන සිඩ්නි තන්ඩර්ට එරෙහිව මෙල්බර්න් රෙනෙගේඩ්ස් තරගයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාමගන්නා බවයි සඳහන් කර ඇත්තේ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ෂෝන් මාෂ් ජාත්‍යන්තර ටෙස්ට් තරග 38ක් එක්දින තරග 73ක් සහ විස්සයි විස්ස තරග 15ක් ක්‍රීඩාකර තිබෙනවා.

ෂෝන් මාෂ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ගේ සහෝදරයා ද වන අතර, අවසන් වරට ඔහු 2019 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර තිබුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරුවෙක්වන ආරොන් ෆින්ච් ද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුගිය දා සමුගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57