ෂීක් හසීනාට යළිත් වසර පහකට බංග්ලාදේශයේ පාලන බලය

අර්බුදකාරී තත්ත්වයක පැවති 2024 බංග්ලාදේශ මහා මැතිවරණයෙන් එරට අගමැති ෂීක් හසීනා නායකත්වය දරන අවාමි ලීගය දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ පස්වන වරටත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට ෂීක් හසීනාටහැකියාව හිමි වෙනවා.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ මෙවර බංග්ලාදේශ මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120ක් සුදුසුකම් ලබා සිටියා.

ආසන 350 කින් සමන්විත බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 152 කට වඩා සංඛ්‍යාවක් දිනාගැනීමට අවාමි ලීගය පක්ෂයට ඊයේ (07) හැකියාව හිමි වුණා.

ඒ, අනුව තවත් වසර පහක කාලයක් සඳහා බංග්ලාදේශයේ පාලනය අවාමි ලීගය දේශපාලන පක්ෂයට ලබාදීමටයි එරට ඡන්ද දායකයින් කටයුතු කර තිබුණේ.

ඊයේ (07) පැවති මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ආරම්භවීමට පෙර සිටම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ අතර, එරට ප්‍රධාන විපක්ෂයවන බංග්ලාදේශ ජාතික පක්ෂය, ෂීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පවසමින් මෙවර මැතිවරණය වර්ජනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?